මාරාන්තික නව කොරෝනා වෛරසය ගෝලීයව පැතිරී තිබුණද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කිරීම හෝ කල් දැමීම පිළිබඳව සාකච්ඡා කර නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් සඳහන් කළේය.
"විධායක මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා තරගාවලිය අවලංගු කිරීම හෝ කල් දැමීම යන වචනය අද සඳහන් කෙරුණේ නැහැ" යනුවෙන් බැච් වාර්තාකරුවන්ට පැවසීය.
"අනුමාන කල්පනාවන් තව තවත් අවුලුවන්න ඒ සඳහා ඉන්ධන එකතු කිරීමට මා උත්සාහ කරන්නේ නැහැ. ඊයේ සිට අප කළ ප්‍රකාශය ඉතාමත්ම පැහැදිලියි. ටෝකියෝ ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය සඳහා අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.