බටහිර ජර්මනියේ වොල්ක්මර්සන් නගරයේ වීදි සැණකෙළියක් වෙතට මෝටර් රථයක් ධාවනය කරමින් සිදුකර ඇති ප්රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල වූවන් අතර කුඩා දරුවන් ඇතුළු බරපතළ තත්ත්වයේ පසුවන්නන්ද සිටින බව ජර්මානු රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ප්රහාරය සඳහා ඔහුගේ පෙළඹවීම තවමත් අපැහැදිලි බව ආරක්ෂක අංශ පවසයි.
ඒ අනුව මෙම නගරයේ පැවැත්වීමට තිබූ සියලු වීදි සැණකෙළි පූර්ව ආරක්ෂක පියවරක් ලෙස අවලංගු කිරීමටද ආරක්ෂක අංශ සහ බලධාරීන් කටයුතු කර තිබේ.
මෙය ත්රස්ත ප්රහාරයක්ද, නැතහොත් කිසියම් පෞද්ගලික ආරවුලක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය කියයි.