ජර්මනියේ බොෂ්හෝල්ට් නගරයේ වේග සීමා ඉක්මවා යන රථ වාහන කොටුකර ගැනීමට අටවා ඇති නිරීක්ෂණ කැමරාවකට වේගය ඉක්මවා ගමන් කළ පරෙවියෙකු හසුව තිබේ.
මෙම සිදුවීමත් සමග මෙම පරෙවියා එරට සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයකට පත්ව ඇත්තේ, පැයට කිලෝමීටර් 30ක උපරිම වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 45ක වේගයෙන් පියාසර කර පරෙවියා නිසාය.
වේගයෙන් ඇදී යන වාහන සම්බන්ධයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඔවුන් කොටු කරගන්නා මෙම කැමරා පද්ධතියට වේගවත් වාහනයක් වෙනුවට මෙවර හසුව ඇත්තේ පරෙවියෙකි.
එය ජර්මානු පොලීසිය විසින් සමාජ ජාල වෙත නිකුත් කර තිබුණු අතර, එරට නීතිය අනුව වේග සීමාව ඉක්මවා ධාවනය වන රියදුරෙකුට එරෙහිව යූරෝ 25ක දඩ මුදලක් පැනවෙයි.
කෙසේ වෙතත්, යම් සාමාන්‍ය තත්ත්වයක් යටතේ නියමිත වේග සීමාව ඉක්මවා තවත් පැයට කිලෝමීටර් 3ක පමණ වේගයක් ලබාගැනීම එරට නීතියට අනුව වරදක් ලෙස නොසැලකෙයි.
නමුත්, මෙම පරෙවියා එම සාමාන්‍ය වේගයට වඩා පැයට කිලෝමීටර් 12ක් වේගයෙන් ගමන් කර ඇති බව පොලීසිය පවසා තිබුණේ මෙම සිදුවීම තුළ යම් විනෝදයක් මතු කරමිනි.
මේ නිසාම සමාජ ජාල තුළ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීම් සිදුකර ඇති අතර, ඇතමෙකු පවසා තිබුණේ පරෙවියාටද දඩ ගැසිය යුතු බවයි.
නමුත්, තවත් අදහස්වල කියා තිබුණේ පරෙවියා ධානය නොකර පියාසර කර ඇති නිසා එවැනි දඩයක් වලංගු නොවන බවයි.