ජර්මනියේ දකුණු නගරය වන වර්ස්බර්ග් හි සිදුවූ පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ නගර මධ්‍යයේ බාබරාසොප්ලැට්ස් චතුරශ්‍රයේදීය. මෙම සිද්ධියෙන් පසුව චතුරශ්‍රය සහ ඒ අවට ප්‍රදේශ පොලීසිය විසින් හුදකලා කර තිබුණි.
සැකකරු සෙන්ටිමීටර 40ක් දිග පිහියකින් කිහිප දෙනෙකුට ඇණ ඇති අතර, පොලීසිය ගිනි අවි භාවිත කර ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
බැවේරියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජෝකිම් හර්මන් පැවසුවේ ප්‍රහාරයෙන් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවය.
සැකකරු මනෝ චිකිත්සක ආයතනයක ප්‍රතිකාර ලබා ඇති බවට පොලීසිය විසින් වාර්තා සොයාගෙන ඇති අතර, පසුව එය ත්‍රස්ත ක්‍රියාවක්ද නැතිනම් මානසික හේතූන් මත සිදු වූ ක්‍රියාවක්ද යන්න නිර්වචනය කරනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය
වින්දිතයන්ට සැකකරු සමග පෞද්ගලික සම්බන්ධතා ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බව හර්මන් වැඩිදුරටත් සඳහන් කළේය.