ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින ජෝර්ජියා ප්‍රාන්තයේ, ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමග පවතින ඡන්ද පරතරය මේ වනවිට 1,775ක් දක්වා පහළ ගොස් ආසන්නයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඡන්ද සමූහ (electoral votes) 16ක් සහිත ජෝර්ජියා ප්‍රාන්තය ට්‍රම්ප් පරාජයට පත්වුවහොත් ඔහුගේ ජනාධිපතිවරණ සිහිනය තවදුරටත් බොඳවී යනු ඇති බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති. මන්දයත් මේ වනවිටත් ඡන්ද සමූහ (electoral votes) 253ක් බයිඩන් වෙත හිමිව ඇති බැවින් ජෝර්ජියා ප්‍රාන්තයේ බලයද ඔහු සතු වුවහොත්, ජනපති පුටුවේ වාඩිවීමට අවශ්‍ය 270ක් වන ඡන්ද සමූහ (electoral votes) සංඛ්‍යාව ආසන්නයටම බයිඩන් නිතැතින්ම පැමිණෙයි.
මේ වනවිට ඇමෙරිකානු මැතිවරණයේ කරටකර තරගය අන් කවරදාකටත් වඩා සුවිශේෂී තත්ත්වයක් ගෙන ඇති අතර, මෙය මැතිවරණ වංචාවක් බවට ට්‍රම්ප් හඳුන්වද්දී, ඔහුගේම පක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝ මෙහි දූෂණයක් නොමැති බව මාධ්‍ය ඉදිරියේ පවසති.