අභිරහස් ලෙස අතුරුදන් වූ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සොයා කෙරෙන සෝදිසි මෙහෙයුම් පුළුල් කිරීමට තුර්කි පොලීසිය පියවර ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 2 වැනි දින සිට ඔහු අතුරුදන්ව සිටින්නේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදී බව තුර්කිය කියයි.
ඒ අනුව, තානාපති කාර්යාලත තුළදී හෝ ඉන් පිටතදී ඛෂෝගි ඝාතනය කරන්නට ඇති බව තුර්කිය විශ්වාස කරයි. ඒ නිසාම, ඉස්තාන්බුල් නගරය ආසන්න ලඳු කැලෑ පීරමින් ඔහුගේ සිරුර සෙවීමටද තුර්කි බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඛෂෝගි සෙවීමේ සෝදිසි මෙහෙයුම් බෙල්ග්‍රාඩ් වනාන්තරය දක්වා පුළුල් කිරීමටද තීරණය කර තිබේ
කෙසේ වෙතත්, ඔහුට සිදුවී ඇති දේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පවසන සෞදි අරාබිය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, තුර්කියේ සෞදි තානාපති කාර්යාලය සහ තානාපතිවරයාගේ නිවසින් ලබාගත් ඩී.එන්.ඒ. ඛෂෝගිගේ ඩී.එන්.ඒ. සමග සැසඳෙන්නේද යන්න පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ජමාල් ඛෂෝගි යනු සෞදි අරාබියේ පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකි. එමෙන්ම, ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර, පසුව රජයේ උදහසට ලක්වූවෙකු බව කියයි.
මේ නිසා පසුගිය වසරේදී ඇමෙරිකාවට ගොස්, වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාසික තීරු ලිපි රචකයෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිට ඇත.