ජපානයේ උතුරුදිග හොක්කයිදෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වී, නායයෑම් පවා සිදුව තිබේ.
රික්ටර් පරිමාණ 6.7ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට ප්තව තවත් 40කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව එන්.එච්.කේ. රූපවාහිනිය පවසයි.
එමෙන්ම, භූ කම්පනය හේතුවෙන් මිලියන 3ක පමණ ජනතාවට විදුලි බලය නොමැති බවත්, පළාතේ න්‍යෂ්ටික බලාගාර වසාදැමීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් සඳහන් වෙයි.
වසර 25ක ඉතිහාසයේ ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන ජෙඩී සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම දෙවැනි ස්වභාවික ආපදා තත්ත්වය ජපානයට ඇතිවී තිබේ.
පළාතේ අගනුවර වන සැපෝරෝ නුවරට ගිණිකොණදිගින් කිලෝමීටර් 62ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත්, මෙමගින් සුනාමි අනතුරක් නොමැති බව ජපාන කාලගුණ අංශ පවසයි.