ජපානයේ හයබූසා - 2 අභ්‍යවකාශ යානය විසින් පරීක්ෂණ සිදුකරන රයුගු ග්‍රාහකය මත කෘත්‍රිම ආවාටයක් සෑදීම සඳහා පිපිරවීමක් සිදුකිරීමට ඔවුන් සූදානම් වෙයි.
2018 ජුනි මාසයේ සිට මෙම අභයවකාශ යානය විසින් රයුගු ග්‍රාහකය මත පරීක්ෂණ සිදුකරමින් පවතින අතර, පසුව මෙම කෘත්‍රිම ආවාටය වෙත ගමන් කරමින් එහි වූ අභ්‍යවකාශයට නිරාවරණය නොවූ නොකිලිටි පාෂාණ එක්රැස් කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වී තිබේ.
මෙම පිපිරවීම එතරම් ප්‍රබල පිපිරවීමක් නොවන බව සඳහන් කරන ජපාන බලධාරීන්, එමගින් ග්‍රාහකය මත මීටර් 10ක පමණ ආවාටයක් සෑදීම පමණක් සිදුවන බව කියයි.
කෙසේ වෙතත්, මෙම පිපිරීම සිදුකිරීමට යොදාගන්නා විශේෂ උපකරණය හයබූසා - 2 යානයෙන් වෙන්වූ පසු ප්‍රධාන යානය ග්‍රාහකයේ අනෙක් පස සැඟව සිටින්නේ කිසියම් හෝ ග්රාහක කැබැල්ලක් ගැටීමෙන් ඇතිවන ඝට්ටනය වළක්වා ගැනීම සඳහා බව ජපාන අභ්‍යවකාශ බලධාරීහු පවසති.