ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ අභිෂේක ලැබීම අද (01දා) විශේෂ උත්සවයකින් සිදුව තිබේ.
එරට හිටපු අධිරාජ්‍යයා වන 85 වියැති අකිහිතෝ, සිය වයස සහ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඊයේ (31දා) සිය අධිරාජ්‍යයත්වය අත්හැරීය.
එසේ සිය ධුරය අත්හරිමින් අකිහිතෝ අධිරාජ්‍යයා කියා සිටියේ ජපානයටත් ලෝකයටත් සාමය හා සෞභාග්‍යය තමන් ප්‍රාර්ථනා කරන බවයි.
ඒ අනුව, නරුහිතෝ අධිරාජ්‍යයා යටතේ අද සිට ජපානයේ රෙයිවා අධිරාජ්‍ය යුගය ඇරඹෙන අතර, එහි තේරුම වන්නේ විධානය සහ සමගියයි. මෙය නරුහිතෝ අධිරාජ්‍යයාගේ සිය ධුරය හොබවන තාක් පවතිනු ඇත.
සිය අධිරාජ්යත්වය ලබමින් නරුහිතෝ පවසා සිටියේ, ජනතාවගේ සතුට, රටේ සංවර්ධනය සහ ලෝක සාමය තමන් බලාපොරොත්තු වන බවයි.
59 හැවිරිදි නරුහිතෝ සිය කතාවේදී හිටපු අධිරාජ්‍යයා වූ අකිහිතෝ හෙවත් තම පියා රට වෙනුවෙන් කළ සේවය සිහිපත් කිරීමේදී ඔහුගේ හඬේ යම් ඉකිබිඳීමක් පැවති බව විදෙස් වාර්තා පවසයි.