ජපානයේ ටෝකියෝ නුවරට දකුණු දිගින් වූ යොකෝහාමා හිදී දුම්රියක් හා ට්රක් රථයක් ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරත් සමග දුම්රිය පීලී පැනීමකට ලක්ව ඇති අතර, මියගිය තැනැත්තා දුම්රියේ රියදුරු බව කියැවෙයි.
ජපානයේ දුම්රිය අනතුරු අතිශය දුර්ලභ සිදුවීමක් වන අතර, එය ලෝකයේ වඩාත් ආරක්ෂිතම දුම්රිය සේවය ලෙස ප්රමුඛත්වයක් උසුලයි.
කෙසේ වෙතත්, මෙම දුම්රිය අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, තුවාල ලැබූ වැඩි දෙනෙකු බරපතළ තත්ත්වයේ පසු නොවන බව කියැවෙයි.