ජපානය විසින් දින දර්ශනයේ සෑම වසරක් වෙනුවෙන්ම ලබාදෙන සලකුණ අනුව, මෙවර ආපදා යන්න තෝරාගෙන තිබේ.
ජපානය වෙත ගෙවීයන වසරේ බලපෑ ගංවතුර, සුළි කුණාටු, භූ කම්පන, මෙන්ම දැඩි දාහය ආදී විවිධ පාරිසරික ආපදා තත්ත්වයෙන් මෙසේ නම් කිරීමට හේතු වී තිබේ.
ජපානයේ, ක්යෝතෝ නගරයේ වූ කියොමසු ආරාමයේදී මෙම සලකුණ නිල වශයෙන් නිරාවරණය කිරීම සිදුවන අතර, නගරයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ ආගමික පූජකයන් විසින් මෙම සලකුණ ලිවීම සිදුකරයි.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් වසරේ සලකුණ තෝරාගැනීමේදී ජනතා ඡන්දය උරගා බැලීමක්ද ජපානය සිදුකරන අතර, එයට ලක්ෂ දෙකකට ආසන්න නියැදියක් ගෙන ඇති අතර, ඉන් විසි දහසකට වඩා වැඩි පිරිසක් ආපදා යන්න සලකුණට කැමැත්ත පළ කර තිබුණි.