ග්‍රාහකයක් මතට ඉතා සාර්ථකව රොබෝ ගවේෂක රෝවර් යානා ද්විත්වයක් ගොඩබැස්වීම සිදුකළ බව ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA විශ්වාසය පළ කරයි.
"අපිට තවම මෙය ස්ථිරවය ප්‍රකාශ කළ නොහැකියි. නමුත්, අපි ඉතාමත් විශ්වාසයෙන් යුතුව හා බලාපොරොත්තුවෙන් යුතුව පසුවෙනවා" යැයි JAXA හි ව්‍යාපෘති කළමනාකාර යුයිචි සූඩා පවසා සිටියේය.
හයබූසා - 2 අභ්‍යවකාශ යානය මගින් උඩු ගුවනට රැගෙන ගිය මෙම රොබෝ රෝවර් යානයන් කිලෝමීටරයක් පමණ පළලින් යුතු රයුගු නමැනි හැඳින්වුණු ග්‍රාහකය මතට මුදාහැර තිබේ.
රෝවර් 1ඒ සහ රෝවර් 1බී ලෙස නම් කෙරුණු මෙම රොබෝ ගවේෂක රෝවර් යානා රගුයු ග්‍රාහකය වටා වූ පහළ ගුරුත්වය සමග රැඳෙමින් එහි උෂ්ණත්වය මෙන්ම එහි මතුපිට ඡායාරූපගත කිරීමේ කාර්යයන් සිදුකරනු ඇති බව JAXA පවසයි.
වසර තුනහමාරක සංචාරයකින් පසුව මෙම වසරේ ජූනි මාසයේදී හයබූසා - 2 අභ්‍යවකාශ යානය මෙම රගුයු ග්‍රාහකය ආසන්නයට පැමිණ තිබුණි.