විවාදයට තුඩුදී ඇති ජපානයේ වාර්ෂික තල්මස් දඩයම ටයිජී වෙරළ නගරය ආසන්නයේදී මෙවරත් ආරම්භ වී තිබේ.
මෙසේ අල්ලා ගනු ලැබූ බොහෝ තල්මසුන් ගැඹුරු මුහුදේදී විවිධ වධබන්ධනයන්ට ලක්ව ඝාතනය කර ඇති බවත්, එම සතුන් මස් පිණිස හා බෙහෙත් වර්ග සඳහා අලෙවි කෙරෙන බවත් සඳහන් වෙයි.
එමෙන්ම, ඔවුන් අල්ලා ගන්නා ඩොල්ෆින් මසුන් ජල උද්‍යාන සහ මින් මැදුරු වෙත අලෙවි කෙරෙන බවත් සඳහන් වෙයි.
ටයිජී ආසන්නයේ සිදුවන මෙම තල්මස් දඩයම දශක කිහිපයක සිට සාම්ප්‍රදායිකව සිදුවන්නක් වන අතර, 2009 වසරේදී ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ වාර්තාමය වැඩසටහනක්ද ඒ ආශ්‍රිතව නිර්මාණය විය.
ජාත්‍යන්තරයෙන් සහ සත්ව අයතීන් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධානවල චෝදනා නොතකා ජපානය මෙවරත් තල්මසුන් දඩයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට සූදානම් වෙයි.