ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියන 200ක් දක්වා වසර අවසානයේදී COVAX වෙත සැපයීමට ගාවි සමග ගිවිසුමකට එලැඹ ඇති බව එම සමාගමෙහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය පෝල් ස්ටොෆෙල්ස් G20 සෞඛ්‍ය සමුළුවේදී කියා සිටියේය.
"අපි COVAX මෙහෙයුමට දැඩි ලෙස සහයෝගය දක්වන අතර 2021 අවසන් වනවිට COVAX වෙත මාත්‍රාව මිලියන 200ක් දක්වා සැපයීමේ අරමුණින් ගාවි සමග ගිවිසුමකට එලැඹ ඇති බව සතුටින් දන්වා සිටිනවා. ඒකාබද්ධ මාත්‍රාවන් මිලියන 500ක් දක්වා, 2022 දී අතිරේක මාත්‍රාවන් මිලියන 300 ක් සැපයිය හැකියි." ස්ටොෆෙල්ස් පැවසීය.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 එන්නත තනි මාත්‍රාවේ එන්නතකි.
ගාවි හවුල්කාරිත්වය ස්ටොෆෙල්ස් විස්තර කළේ, එන්නත සෑම තැනකම සෑම කෙනෙකුටම ලබාගත හැකි බව සහතික කිරීම සඳහා ජේ ඇන්ඩ් ජේ ගත් සුවිශාල පියවරක් ලෙස මෙය සලකන බවයි. ලෙසයි.