සීෂෙල්ස් රාජ්‍ය තුළ ජනගහනයෙන් 85%කට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීමට කටයුතු කර තිබුණත්, එරට කොවිඩ්-19 ආසාදිතයන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා වන බව කියයි.
දින තුනක කාලයක් තුළ අමාත්‍යාංශය විසින් ආසාදිතයන් 497ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට සීවිල්ස් හි කොවිඩ්-19 ආසාදිතයන් 6,373 ක් හඳුනාගෙන තිබේ.
දකුණු අප්‍රිකානු ප්‍රභේදය රෝගීන් කිහිප දෙනෙකුගෙන් සොයාගෙන ඇති බව එරට ජාතික ගුවන් විදුලි නාලිකාව වන සීෂෙල්ස් ගුවන් විදුලි සංස්ථාව අප්‍රේල් මාසයේදී වාර්තා කළේය.
පසුගිය මාසයේ ආරම්භ වූ රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන්, සංචාරක කර්මාන්තය මත යැපෙන රට වෙත සංචාරය කිරීම ගැන උපදෙස් දෙමින් 4 වැනි මට්ටමේ සංචාරක අනතුරු ඇඟවීමක් කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයද කටයුතු කර තිබුණි.
මේ වනවිට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂිත වෛද්‍ය සායන වසා දමා, හදිසි සැත්කම් හා පිළිකා ප්රතිකාරවලින් බැහැර සියලු සැත්කම් අත්හිටුවා තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් රට වැඩි වශයෙන් විවෘත කිරීම හරහා එරට වෙත නව ප්රභේදයන්ගේ ආසාදිතයන් පැමිණීම මෙම නවතම තත්ත්වයට හේතුව බව විශ්වාස කෙරෙයි.