ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අයිවරි කෝස්ට් හිටපු ජනපති ලෝරන්ට් ග්බග්බෝ නිදොස් කොට නිදහස් කර තිබේ.
2010 වසරේදී පැවති මැතිවරණයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ඇති කරමින් පුද්ගලයන් 3,000කට මරු කැඳවා තවත්, 500,000ක් පමණ ජනතාවට උන්හිටි තැන් අහිමි කළ බව පවසමින් ඔහුට චෝදනා ගොනුවිය.
2011 වසරේදී ජනපති මැදුරේ බංකරයක සිටියදී ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සහ ප්‍රංශ හමුදා එක්ව අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත්, ඔහුට විරුද්ධව අභිචෝදකයන් ඉදිරිපත් කරන චෝදනාවන්ට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බව පවසමින් විනිසුරුවන් විසින් ඔහු හැකි ඉක්මණින් නිදහස් කර ලෙස දන්වා තිබේ.