මැතිවරණ සමයේදී එක් එක් දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ෆේස්බුක් සේවකයන් එම දේශපාලන පක්ෂ කාර්යාල වෙත අනුයුක්ත කිරීම මින් ඉදිරියට නවතා දමන බව ෆේස්බුක් සමාගම නිවේදනය කරයි.
ඔවුන් මීට පෙර විවිධ දේශපාලන පක්ෂ සඳහා තම සේවකයන් අන්තර්ජාල දැන්වීම් ප්‍රචාරණ කාර්ය මණ්ඩල ලෙස සේවයේ යෙදවීමට කටයුතු කළ අතර, බොහෝ දේශපාලඥයන් සහ පක්ෂ ඔවුන්ගේ සේවය ලබාගෙන තිබුණි.
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්ද ෆේස්බුක් සේවකයන් ප්‍රචාරණ කාර්යයේ සේවයේ යෙදුණු බව ඔහුගේ ඩිජිටල් මාධ්‍ය අධ්යක්ෂවරයා පවසා තිබුණි.
එහිදී, ෆේස්බුක් සමාගම එවකට ට්‍රම්ප් සමග ප්රතිවාදීව තරග කළ හිලරි ක්ලින්ටන් වෙතද තම සේවය සැපයීමට ඉල්ලීම් කර තිබුණත්, හිලරිගේ මැතිවරණය ව්‍යාපාරය ඔවුන් සේවයේ යොදවා නොතිබුණි.
දැනට අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ තැරැව්කරුවන් අතර ගූගල් හැරුණු විට ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක් සමාගමයි.