කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනය හැරුණු කොට සිදුව ඇති මරණ සංඛ්‍යාව 500 ඉක්මවා යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
එමෙන්ම මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 106,067ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයේ පමණක් එම අගය 80,859කි.
එමෙන්ම ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 3,600ක් ඉක්මවා යන බවත්, වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 60,000කට ආසන්න බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.