වයඹ දිග චීනයේ නිංෂියා හූයි ස්වයං පාලන කලාපයේ කිංටොංෂියා හිදී ZAPAD/INTERACTION-2021 නමින් චීනය සහ රුසියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් අරඹා තිබේ.
මහජන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ අවි උපායික පුහුණු කඳවුරේදී ආරම්භ වූ මෙම උත්සවයට දෙරටේම හමුදා නිලධාරින් සහභාගී වූහ.
සන්නද්ධ ප්‍රහාර කණ්ඩායම්, ක්ෂණික ප්‍රහාරක කණ්ඩායම් මෙන්ම දරුණු ගිනි නිවීම් කණ්ඩායම් ඇතුළු දෙරටේම හමුදා භට පිරිස් ඊට සම්බන්ධ වී ඇති අතර, යුද ටැංකි, ගුවන් යානා නාශක මැෂින් තුවක්කු සහ විවිධ වර්ගයේ ප්‍රහරක උපක්‍රම මෙහිදී කැපී පෙනී ඇත.
චීනය සහ රුසියාව අඛණ්ඩව සිව්වැනි වරටත් මෙම හමුදා අභ්‍යාස පැවැත්වූ වසර මෙයයි. එමෙන්ම 2020 දී කොවිඩ්-19 පැතිර යාමෙන් පසුව චීනයේ පැවැත්වූ ප්‍රථම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයද එයයි.
මෙම අභ්‍යාසයන් තුළින් දෙපාර්ශ්වයේ අධිෂ්ඨානය සහ හැකියාව මෙන්ම ත්‍රස්තවාදී බලවේගයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව සහ කලාපීය සාමය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීම පෙන්නුම් කරන බව දෙපාර්ශ්වයම පැවසීය.