වයඹදිග චීනයේ මාර්ගයක ගෙවීම් කවුන්ටරයක් අසලදී ලොරි රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගන්සූ පළාතේ, අගනගරය ලෙස සැලකෙන ලොන්සූ හි මාර්ගයක මෝටර් රථ පෙළක් මාර්ගයේ ගෙවීම් කවුන්ටර පොලිමේ සිටියදී පාලනය කරගත නොහැකිව පැමිණි ලොරිය එහි ගැටී තිබේ.
එම අනතුරින් තවත් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, රථ වාහන රැසකට අලාභානි සිදුව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
කඳු බෑවුමක සිට අදාළ ස්ථානය වෙත පැමිණෙන විට ලොරියේ තිරිංග ක්රියාවිරහිත වීම නිසා තමාට රථය පාලනය කරගැනීමට නොහැකි වූ බව අනතුරින් පසුව රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.
නිරිතදිග චීනයේ, චොඇන්ග්කින්ග් ගංගාවට බස් රථයක් වැටී පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමෙන් සතියක් ගතවීමට පෙර මෙම අනතුර චීනයෙන් වාර්තා විය.