චීනයේ නවතම මෙගා ගුවන් තොටුපළ ලෙසින්, චෙංඩු හි ටියැන්ෆු ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
එහි ආරම්භක ගුවන් යානය සිචුවාන් එයාර්ලයින්ස් විසින් මෙහෙයවනු ලැබූ අතර පසුගියදා එය බීජිං බලා පිටත් විය.
සිචුවාන් පළාතේ අගනුවර වන චෙංඩු දැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් ඇති රටේ තුන්වැනි නගරය වෙමින්, එය ෂැංහයි සහ බීජිං සමග එක්වේ.
චීන යුවාන් බිලියන 70ක (ඩොලර් බිලියන 10.8) ක වියදමින් ඉදිකරන ලද මෙම දැවැන්ත ගුවන් කේන්ද්‍රයේ පළමු අදියර වසරකට මගීන් මිලියන 60ක් දක්වා හැසිරවීමේ හැකියාව ඇති අතර, එමඟින් රටේ නිරිතදිග කලාපය තවදුරටත් විවෘත වේ.
වර්ග මීටර් 710,000ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ධාවන පථ තුනක් සහ පර්යන්ත දෙකක් ක්‍රියාත්මක වේ. වාර්ෂිකව මගීන් මිලියන 120ක් හැසිරවිය හැකි වර්ග මීටර් මිලියන 1.4ක භූමි ප්‍රමාණයකින් යුතු ගුවන් තොටුපළකි.
සුප්‍රසිද්ධ පැන්ඩාවන්ට අමතරව, සිචුවාන් එහි කුළුබඩු සහිත ආහාරපාන හා සුන්දර භූ දර්ශන සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. එය දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින් අතර චීනයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට දැනටමත් පත්ව තිබේ.