කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මුඛ ආවරණ අවශ්‍යතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය පවසයි.
ඒ අනුව මේ වනවිට එරට තුළ දිනක් තුළ නිෂ්පාදනය කෙරෙන මුඛ ආවරණ ප්‍රමාණය මිලියන 70 ඉක්මවා ඇති බව චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
එන්95 වර්ගයේ මුඛ ආවරණ නිෂ්පාදනය පසුගිය පෙබරවාරි 24දා වනවිට දිනකට මිලියනයක අගයක පැවති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.