කොවිඩ්-19 වසංගතය හමුවේ එන්නත්කරණයේදී ඇතැම් බටහිර රටවල වේගය මන්දගාමී වුවත්, චීනය අධික වේගයෙන් මේ වනවිට සිය එන්නත්කරණය සිදුකරමින් සිටියි.
ඒ අනුව මේ වනවිට චීනය කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව මිලියන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. එය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඒකාබද්ධව ලබාදී ඇති එන්නත් ප්‍රමාණයටත් වැඩි අගයකි.
බිලියන 1.4ක් වන චීන ජනගහනය සැලකීමේදී මාත්‍රා මිලියන 400ක් යනු ජනගහනයෙන් අඩක්වත් ආවරණය කිරීමක් නොවන බවට යමෙකු තර්ක කළත්, ඔවුන්ගේ එන්නත් කිරීමේ වේගය බලවත්වීම නිසා බිලියන 1.4ක් යනු අපහසු ඉලක්කයක් නොවේ.
චීන බලධාරීන්ට අනුව පළමු වැනි එන්නත් මිලියන 100ක සීමාවට ළඟාවී ඇත්තේ මාර්තු 27දාය. ඉන් පසු මිලියන 200ක් කරා ළඟා වීමට තවත් දින 26ක් ගත වූ අතර, පසුව මිලියන 300ක් කරා දින 17කින් පැමිණ තිබුණි.
කෙසේ වෙතත් මෙම නවතම මාත්‍රාවන් මිලියන 100 ලබාදී ඇත්තේ දින 9ක් වැනි කෙටි කාලයක් තුළය.
චීනයේ මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන විසින් එන්නත් ලබා ගැනීම සඳහා සාමූහික තල්ලුවක් ලබා දී ඇති අතර, මෑතකාලීන ලෝකයේ වසංගතය වේගවත්වීමද ජනතාව එන්නත් ලබාගැනීමේ උනන්දුව වැඩිකර තිබේ.