චීනය තුළ කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 1.2කට වඩා පසුගිය සඳුදා දිනය වනවිටත් ලබාදී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
එසේම නව ප්රභේදයන් ඉස්මතු වීම හමුවේ රට තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් සිටින බවද ජාතික සෞඛ්‍ය කොමිසම පැවසීය.
මේ වනවිට ලෝකයේ සමස්ත කොවිඩ්-19 එන්නත්කරණය මාත්‍රා බිලියන 3කට ආසන්න වී ඇති පසුබිමක, චීනය ඉන් සැලකිය යුතු ප්‍රතිශතයක් තම රට තුළදී පමණක් එන්නත් ලබාදෙමින් ලොව වේගවත්ම එන්නත්කරණය සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.