චීනයේ ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 2.2ක තොගය චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරා විසින් පිළිගෙන තිබේ.
දේශීය මාධ්‍යවලට අනුව, මෙතෙක් එරටට ලැබී ඇති විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව කියයි.
එන්නත් තොගය ළඟාවීමෙන් පසු සැන්තියාගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති දේශනය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ චිලියේ මිලියන 7.6ක ජනතාවට මේ වනවිට එන්නත් මාත්‍රාවන් දෙකම ලැබී ඇති අතර තවත් මිලියන 9.5කට එක් මාත්‍රාවක් දැනටමත් ලබාදී ඇති බවයි.
චිලී ජනාධිපතිවරයාටද පිළිවෙලින් පෙබරවාරි සහ මාර්තු මාසවලදී සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාගැනීමට හැකිවිය.
2020 දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය සේවකයන් මුලින්ම එන්නත්කරණයට ලක්කිරීමෙන් පසුව චිලිය විසින් පෙබරවාරි 3 වැනි දින මහා එන්නත්කරණ වැඩසටහන ඇරඹිණි.