චීනයෙන් ලැබෙන අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම නිසා ජපානයේ නිසාන් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
Serena සහ X-Trail යන නිසාන් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෙසේ දින දෙකක් සඳහා සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කොරෝනා වෛරසය පැතිරීයාමත් සමග චීනයේ බොහෝ සමාගම්වල කටයුතු අඩාල වීමෙන් ගෝලීය මෝටර් රථ සමාගම් රැසක් මෙම අර්බුදයට මුහුණ දුන් අතර, දකුණු කොරියාවේ හයුන්ඩායි සමාගමද මෙසේ අමතර කොටස් නොමැති වීමෙන් සිය කර්මාන්ත ශාලාවක් පසුගිය සතියේ තාවකාලිකව වසා දමා තිබුණි.
ලෝකයේ බොහෝ මෝටර් රථ නිෂ්පාදන සමාගම් චීනයේ කර්මාන්ත ශාලා වෙතින් සැපයුම් ලබාගැනීම සිදුකරන්නේ චීනය කාර්මික නිෂ්පාදනයේ ප්‍රබල රාජ්‍යයක් බැවිනි.