ගිනිකොනදිග චීනයේ ෆුජියන් පළාතේ ක්වාන්ෂෝ නගරයේ කොවිඩ්-19 නිරෝධායනයට යොමුකර තිබූ හෝටලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කඩා වැටුණු හෝටලයේ සුන්බුන් අතර සිරවී සිටි අවසන් පුද්ගලයාගේ මළ සිරුරත් සොයා ගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය බලධාරීන් මෙම තහවුරු කිරීම සිදුකර ඇත.
මෙම ගොඩනැගිල් කඩා වැටීමෙන් පුද්ගලයන් 71 දෙනෙකු එහි සිරවුණු අතර, ඉන් 29 දෙනෙකුට සිය ජීවිතය අහිමි විය.
මූලික පරීක්ෂණවලදී සින්ජියා හෝටලයේ ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ සහ අනුමත කිරීමේ අදියරවල බරපතල ගැටලු පැවත බව ප්‍රාදේශීය නිලධාරියෙකු චීන මාධ්‍ය වෙත පවසා තිබුණි.