චීන-ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති ලේඛකයා චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන්නේද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව චීනය පවසයි.
යන්ග් හෙන්ග්ජන් පසුගිය සෙනසුරාදා සිට අතුරුදන්ව ඇති බවට ඔස්ට්‍රේලියාව නිවේදනය කිරීමෙන් පසුව ඔහු පිළිබඳ මේ ආකාරයෙන් චීනය අදහස් දක්වා සිටියේ ඔහු අත්අඩංගුවේ පසුවන බව තහවුරු කරමිනි.
53 හැවිරිදි වියේ පසුවන චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ඔහු, නිව්යෝක් නුවර සිට ගුවන්ග්සු වෙත පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම හා ඒ සමග සිදුවන පරීක්ෂණ වඩාත් විනිවිධභාවයෙන් යුතුව හා සාධාරණව සිදුවිය යුතු බව ඔස්ට්‍රේලියාව, චීනයට පවසා තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම්වලදී චීනය සැකකරුවන් රහසිගත ස්ථානවල රඳවන අතර, ඔවුන්ට වද හිංසා සිදුකරන බවටද කතාබහක් පවතී.
නමුත්, ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ යන්ග්, මේ වනවිට බීජිං නුවර නිවාස අඩස්සියේ පසුවන බවය. එමෙන්ම, ඔහුට වදහිංසාවක් සිදුකළ බවට පවතින කතා චීනය ප්‍රතික්ෂේප කරයි.