රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් සඳහා චීනය විසින් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 450කට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පසුගියදා පැවති විදේශ ඇමතිවරුන් 20 දෙනෙකුගෙන් යුතු G20 සමුළුව අමතමින් පැවසීය.
වීඩියෝ සබැඳිය හරහා අදහස් දක්වමින් වැන්ග්, G20 සාමාජික රටවල් එන්නත් බෙදා හැරීම ඇතුළු ප්‍රදේශවල වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටි අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි උපකාර ලබාදෙන ලෙස වැඩිදුරටත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.