ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම උත්සන්න වීම මධ්‍යයේ සෞඛ්‍ය සේවකයන්ගේ හා සෞඛ්‍ය පහසුකම් ආරක්ෂා කිරීම සෑම තත්ත්වයකදීම අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
"සෞඛ්‍ය සේවකයින් සහ යටිතල පහසුකම් සැමවිටම ආරක්ෂා කළ යුතුයි. මේ වැදගත් මානුෂීය නීතිවලට ගරු කිරීම සහතික කරන ලෙස සෑම පාර්ශ්වයකම නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.
දෙරට අතර වසර කිහිපයකට පසුව උද්ගතව වූ දරුණු ගැටුම් හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වයේම සැලකිය යුතු ජීවිතහානි සහ තුවාල වාර්තා වන අතර, ගුවන් ප්‍රහාර සහ මෝටාර් ප්‍රහාර හේතුවෙන් දේපළ හානි රැසක්ද වාර්තා වී තිබේ.