එයාර් ඉන්දියා හෙවත් ඉන්දීය ගුවන් සේවයට අයත් යානයක් දකුණු ඉන්දියාවේ ත්‍රිචී සිට ඩුබායි දක්වා පියාසර කිරීමට ගුවන්ගත වන අවස්ථාවේදී ගුවන් තොටුපළ තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබේ.
IX 611 දරන ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේ එහි මගීන් 130 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 ක් සිට ඇති අතර, අනතුරත් සමග ගුවනට නැගුණු යානය වහාම මුම්බායි ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩබෑමට නියමුවන් හා ගුවන් පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මෙම ගුවන් යානය පියාසර කරවූ ගුවන් නියමුවන් දෙදෙනා පැය 6500 ට වඩා වැඩි පියාසර කාලයක අත්දැකීම් සහිත නියමුවන් බව පවසන ඉන්දීය ගුවන් සමාගම කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කියයි.
මෙම අනතුරින් යානයේ බඳෙහි යට කොටසට හානි සිදුවී තිබුණත්, එය යානය බරපතළ අනතුරකට මුහුණදෙන ආකාරයේ හානියක් නොවූ බව කියැවෙයි.