එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ වෙරළේදී කඩා කප්පල්කාරී ප්‍රහාරයකට ලක්වූ නෞකා අතර සෞදියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකක්ද තිබී ඇත.
ගල්ෆ් කලාපයේ ෆුජයිරාහ් වරායට ඔබ්බෙන්, හෝමූස් සමුද්‍ර සන්ධියට පිටතදී ඇති වූ මෙම සිදුවීමෙන් අදාළ නෞකාවලට දැඩි හානියක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසා තිබුණේ මෙහිදී නෞකා 4ක් ඉලක්ක වී තිබුණත්, මෙම ප්‍රහාරයෙන් එකදු ජීවිත හානියක් හෝ සිදු නොවූ බවයි.
කෙසේ වෙතත්, මෙම සමුද්‍ර සන්ධියට මායිම් වන ඉරානය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඔවුන් විසින්ද මෙම සිදුවීම හෙළා දැක තිබේ.
කෙසේ වෙතත්, මෙය පසුගිය දින කිහිපය තුළ ගල්ෆ් කලාපයේ ඉරානයට එරෙහිව ඇතිවෙමින් පවතින යුද උණුසුම තවදුරටත් තීව්ර කරන අවස්ථාවක් බවද වාර්තා වෙයි.