පාකිස්තාන හමුදාවට එරෙහිව කතා කළ එරට මානව හිමිකම් ක්රියාකාරිනී ගුලලායි ඉස්මයිල් මාස ගණනක් සැඟවී සිට රටින් පළා ගොස් තිබේ.
ඇයව දඩයම් කිරීම සඳහා පාකිස්තන බලධාරීන් විසින් රට පුරා මෙහෙයුම් දියත් කර තිබුණත්, ඒ සියල්ල මගහැර ඇය දැන් එක්සත් ජනපදය වෙත ළඟා වී ඇත.
ඉස්මයිල් වෙත “රාජ්ය විරෝධී ක්රියාකාරකම්” සහ “ප්රචණ්ඩත්වයට උසිගැන්වීම” යන චෝදනා එල්ල වී තිබේ.
තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රටින් පිටවීමට සිදුවූ බව පවසන ඇය සඳහන් කරන්නේ, තමන් සිරකර වසර ගණනාවක් වද බන්ධනයන්ට ලක් කළේ නම් තමාගේ කටහඬ නියඬ වීමට ඉඩ තිබූ බවය.
ඇගේ පියා වන මුහම්මද් ඉස්මයිල් බීබීසී උර්දු පුවත්පතට පවසා ඇත්තේ ඉස්මයිල්ට එරෙහිව පාකිස්තාන අධිකරණවල නඩු 6ක් ගොනු කර ඇති බවයි.
කෙසේ වෙතත්, තමා සංචාරක තහනමකට ලක්ව සිටි බැවින් තමන් රට හැර ගිය ආකාරය ඇය හෙළි කර නොමැත.
නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ඇය පවසා තිබුණේ “මම ගුවන් තොටුපලකින් පිටතට නොගියෙමි” යනුවෙනි.
32 හැවිරිදි ඇය එක්සත් ජනපදයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති අතර, ඇගේ සහෝදරිය සමඟ මේ වනවිට නිව්යෝක්හි වාසය කරයි.