පොලිස් ස්ථානයක අවි ගබඩාවක තැන්පත් කර තිබූ පැරණි රයිෆල් තුවක්කු 42ක් සෝරාගෙන ඒ වෙනුවට ප්ලාස්ටික් සහ ලී සෙල්ලම් තුවක්කු තැන්පත් කර තිබූ පුවතක් පැරගුවේ රාජ්‍යයෙන් වාර්තා වෙයි.
මෙම අවි ගබඩාව පරික්ෂා කිරීමේදී පොලීසියට දැකගැනීමට ලැබී ඇත්තේ එහි තිබූ FN FAL රයිෆල් තුවක්කු වෙනුවට සෙල්ලම් තුවක්කු තැන්පත් කර ඇති බවය.
එරට තුළ මෙම පැරණි රයිෆල් තුවක්කු කළු කඩයේ විකිණෙන බවට වූ තොරතුරු මත මෙම අවි ගබඩාව පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
මෙම රයිෆල් තුවක්කු ගබඩාකර භාවිතයට නොගෙන තිබුණත්, ඒවා තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ඒවා බවද පොලීසිය පවසයි.
ඒ අනුව, මෙම අවි තොගය මේ වනවිට ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය දක්වා ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බවටද තොරතුරු පවතින බව පොලීසිය කියයි.
මෙම ව්‍යාජ සෙල්ලම් තුවක්කු තොගයේ ඡායාරූප පැරගුවේ පුවත්පත්වල පළ කරමින් පවසා තිබුණේ මෙය එරට ඉතිහාසයේ අතිශ්‍ය ලැජ්ජාසහගතම සිදුවීමක් බවය.