රුසියානු මගී ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් යානය මොස්කව් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයේ හදිසි දොරටු තුළින් මගීන් කඩිනමින් ඉවතට ගන්නා ආකාරය සමාජ ජාල තුළ ප්රචාරය විණි.
එමෙන්ම, යානය ගිනි ගනිමින් සහ කළු දුමාරයක් සහිතව ගොඩබෑම සිදුකරන ආකාරයද දැක්වෙන දර්ශන සමාජ ජාලවලට එක්ව තිබුණි.
යානයේ සිටි සියලුම මගීන් ඉවත් කිරීමට හැකිවූ බව සඳහන් වූ අතර, මගීන් පිරිසක් සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත්, තුවාල ලැබූ ගණන පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැත.