යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය තීන්දු කර ඇත්තේ ගූගල් සමාගමට ගෝලීය වශයෙන් අමතක වීමේ අයිතිය අදාළ කර ගත යුතු නැති බවයි.
ඉන් කියැවෙන්නේ ගූගල් සමාගමට සුදුසු ඉල්ලීමක් ලැබීමෙන් පසු, යුරෝපය තුළ සිදුකළ සෙවුම් ප්‍රතිඵලවලින් සබැඳි ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් බව හා ගෝලීයව එවැන්නක් අවශ්‍ය නොවන බවකි.
මෙම තීන්දුව පැන නගින්නේ ගූගල් සහ ප්‍රංශ රහස්‍යතා නියාමකයෙකු අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි.