අතීතයේදී අවස්ථා තුන හතරකදී කංසා භාවිත කර තිබුණද, තමන් ඉන් කිසිදු ආස්වාදයක් නොලැබූ බවත්, ඉදිරියේදීද කංසා පාවිච්චිය සඳහා තමාගේ කිසිම අදහසක් නොමැති බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අවධාරණය කරයි.
කෙසේ වෙතත්, 2014 වසරේදී කැනේඩියානු අගමැති පුටුවට තරග වදින අවස්ථාවේදී ඔහුගේ පොරොන්දු ලැයිස්තුවෙහි කැනඩාව තුළ කංසා නීතිගත කිරීමේ පොරොන්දුවද විය.
කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසන ආකාරයට ඔහු අවස්ථා තුන හතරකදී කංසා පාවිච්චි කර ඇත. විශේෂයෙන්ම, මන්ත්‍රිවරයෙකු ලෙස සිටියදී පවා එක් අවස්ථාවක ඔහු එය පාවිච්චි කළ බව කියයි.
නමුත්, එදාමෙදා තුර තමන් ඉන් කිසිදු ආස්වාදයක් නොලැබූ බව ටෘඩෝ පවසයි.
මේ වනවිට ක්‍රීඩාවටත්, සෞඛසම්පන්න ආහාර බුක්ති විඳීමටත් වැඩි ලැදියාවක් දක්වන අගමැතිවරයා ඔටාවා හිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තමන් මේ වනවිට කැෆේන් බහුල කෝපි කොප්පයකවත් රස නොබලන බවයි. විශේෂයෙන්ම ඉදිරියේදී කංසා පාවිච්චියට තමාගේ කිසිම අදහසක් නොමැති බවත් අගමැතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී කැනඩාව කංසා නීතිගත කරන විට කුඩා දරුවන්ගේ අතට එය පත්වීම වැළැක්වීම සඳහා දැඩි නීති පනවා ඇති බවද කියැවෙයි. එමෙන්ම, ඉන් සෞඛ්‍යයට හෝ සාමාජීය වශයෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහාද මේ සමග ඉදිරිපත් කර ඇති නීති පද්ධතිය උපකාරී වනු ඇති බව කැනඩාව විශ්වාස කරයි.
ඒ අනුව, මෙම නව නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම් රට පුරා පිහිටි ලක්ෂ 150කට වැඩි නිවාස වෙත යැවෙන බවත්, මෙම නව නීති නිසා කංසා මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතය තහනම් කෙරෙන බවද කැනඩාව වැඩිදුරටත් පවසයි.