මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේ මගීන් දෙදෙනෙකුගේ ගමන් මලුවල තිබී කැස්බෑ පැටවුන් 5,000කට වැඩි ප්රමාණයක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ගමන්මලුවල කැස්බෑ පැටවුන් 5,255 දෙනෙකු සිට බව බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම කැස්බෑ පැටවුන් ඇ.ඩො.12,700ක් පමණ වටිනාකමකින් යුතු අතර, ඔවුන් ඉන්දියාවේදී සුරතල් සතුන් ලෙස විකිණීමට රැගෙන යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
වනසත්ව ජාවාරම වඩාත් දරුණු ලෙස සිදුවන ප්රබල තොටුපොළක් ලෙස මැලේසියාව සැලනෙ අතර, එම සතුන් බොහෝවිට ආසියාවේ වෙනත් රටවලදී අලෙවි කෙරෙයි.
අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 30ත්, 42ත් අතර පසුවන අතර, ඔවුන්ට මෙම සතුන් රැගෙන යාමට බලපත්රයක් නොතිබූ බවද කියැවෙයි.
ඔවුන්ට අවුරුදු 5ක් දක්වා සිරදඬුවමකට සහ දඩයකට යටත් වනු ඇති බව බලධාරීහු පවසති.