ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට සූදානම් වීමක් ලෙස තම ගුවන් යානා හාරක ප්‍රහාරක නෞකාවක් මැදපෙරදිග කලාපයට එවූ බව ඇමෙරිකාව කියයි.
ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා සිටියේ, අවස්ථා කිහිපයකදී උද්ගත වූ අවදානම් සහ අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර ලෙස ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
ඇමෙරිකානු හමුදාව ඉලක්ක කරගනිමින් ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි යන විශ්වාසය මත මෙම යුද නෞකාවක එවා ඇති බව නම සඳහන් නොකළ ඇමෙරිකානු බලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.
එහිදී, බෝල්ටන් වැඩිදුරටත් පවසා ඇත්තේ, තමන් වෙත එල්ල විය හැකි කවර හෝ ප්‍රහාරයකට ඉරානය විසින් අනුකම්පා විරහිත ප්‍රති ප්‍රහාරයක් බලාපොරොත්තු විය යුතු බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රහාරක නෞකාව ඇමෙරිකානු මධ්‍යම සේනාංක කලාපය වෙත දැවැන්ත හමුදා ශක්තියක් සමග යොමුකර ඇති බව නිවේදනය කරන ජෝන් බෝල්ටන්, ඇමෙරිකාවට හෝ සිය මිත්‍ර පාර්ශ්වයකට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රති ප්‍රහාරයක් බලාපොරොත්තු විය යුතු බවට ඉරානය වෙත පැහැදිලි හා ඉතා සුපැහැදිලි පණිවුඩයක් මෙමගින් ලබාදෙන බව කියයි.