ඉන්දුනීසියාවේ බොහෝ ජනාකීර්ණ ජාවා-බාලි දූපත්වලින් පිටත පවා කොවිඩ්-19 ආසාදනයන් ඉහළ යාමට පටන් ගෙන ඇති බැවින් සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා සංචරණ සීමා ඇතුළු කොවිඩ්-19 වැළැක්වීමේ සීමාවන් තවදුරටත් අවශ්‍ය බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ පවසයි.
"ජනතාවගේ සංචරණ අවම කළ යුතුයි. අවම වශයෙන් සති දෙකක්වත් සංචරණ සීමා පැනවිය යුතුයි" යනුවෙන් ඔහු පැවසූ අතර බටහිර සුමාත්‍රා සහ නැගෙනහිර නුසා ටෙංගාරා වැනි පළාත්වල ආසාදන වැඩි වෙමින් පවතින බවද පැවසීය. කෙසේ වෙතත් නව සංචරණ සීමා පනවන ප්‍රදේශ ගැන ඔහු සඳහන් කළේ නැත.
ඉන්දුනිසියාවේ දැනට පවතින සංචරණ සීමා අගෝස්තු 09දා දක්වා ක්‍රියාත්මක වෙයි.