ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයන් වන ටොයොටා මෝටර් කෝප් සහ හොන්ඩා මෝටර් කෝප් සමාගම්වල මැලේසියාවේ පිහිටි කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනයන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම සමාගම් නිවේදනය කළේ මැලේසියාව තුළ ශීඝ්රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගතය හමුවේ එරට රජය ජුනි 1දා සිට 14දා දක්වා ප්රකාශයට පත්කර ඇති රටපුරා සම්පූර්ණ ලොක්ඩවුන් සීමා මෙසේ නිෂ්පාදන ක්රියාවලීන් තාවකාලිකව අත්හිටුවීමට හේතු වූ බවයි.
පසුගිය වසරේ මැලේසියාව තුළ වාහන 51,000ක් පමණ නිෂ්පාදනය කළ ටොයොටා සමාගම සිය නිෂ්පාදන අත්හිටුවීම නිවේදනය කළත්, නිෂ්පාදනය නැවත ආරම්භ වන්නේ කවදාදැයි තීරණය කර නොමැති බවද කීය.
එහිදී විශේෂයෙන් ටොයොටා හි අනුබද්ධිත ඩයිහාට්සු මෝටර් රථයද ජුනි 1දා සිට 14දා දක්වා කාලය තුළ නිෂ්පාදනය නවතා දමන බව ප්රකාශකයෙක් පැවසීය. 2020 දී අග්නිදිග ආසියානු රටේ වාහන 220,000ක් පමණ මෙම උප සමාගම විසින් නිපදවන ලදී.
හොන්ඩා ප්රකාශකයෙකු පැවසුවේ මෝටර් රථ නිෂ්පාදකයා තාවකාලිකව කර්මාන්තශාලා දෙකක් වසා තබන බවයි. වාර්ෂිකව මෝටර් රථ 100,000ක් සහ යතුරුපැදි 300,000ක් පමණ නිපදවන මෙම කර්මාන්ත ශාලා ජුනි 15දා සිට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.