කොවිඩ්-19 වෛරසය මේ වනවිට රාජ්‍යයන් 65ක පැතිරී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයන්ද 90,000කට ආසන්න අතර, චීනයෙන් පිටත පමණක් මරණ 128ක් සහ ආසාදිතයන් 8,774ක් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
වෛරසය අලුතින් හඳුනා ගැනුණු රටවල් අතර ආර්මේනියාව, ඩොමිනික් ජනරජය, ලක්සැම්බර්ග්, අයිස්ලන්තය, ඉන්දුනීසියාව සහ චෙකියා හෙවත් චෙක් ජනරජය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.