කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා ගොස් ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
ඒ අනුව චීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,140ක් ලෙස වාර්තා වන අතර ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 870කි.
මේ අතර, චීනයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 80,924ක් ලෙස වාර්තා වනවිට, ලොව පුරා ආසාදිතයන සංඛ්‍යාව 33,204ක් ලෙස වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබා නිවෙස් වෙත ගිය පිරිස 60,000කට ආසන්න බව චීනයෙන් වාර්තා වෙයි.