කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස ලොව පුරා 142,000 සීමාවට පැමිණ ඇති අතර, මරණ සංඛ්‍යාව 5,400 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, සමස්තයක් ලෙස ආසාදිතයන් චීනයෙන් වාර්තා වන 80,844 සමග ලොව වෙනත් රටවලින් මේ වනවිට 61,000ක් වාර්තා වෙයි. ඒ අනුව එම අගය 141,844ක් පමණ වෙයි.
එමෙන්ම මරණ සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන 3,204 සිට, ලොව වෙනත් රටවලින් 2,200 ඉක්මවා යන අතර, එය සමස්තයක් ලෙස 5,404කි.
එමෙන්ම චීනයේ මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 67,022ක් බව චීන සෞඛ්‍ය කොමිසම වාර්තා කරයි.