ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස් රෝගීන් 136,895ක් වාර්තා වී ඇති අතර, ඒ හා සම්බන්ධ මරණ 5,077ක් වාර්තා වී තිබේ.
එමෙන්ම මේ වනවිට වෛරසය ලොව පුරා පැතිර ඇති රටවල් සංඛ්‍යාව 123ක් දක්වා වර්ධනය වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
ආසාදිතයන් 81,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ චීනය වඩාත්ම පීඩාවට පත් රට ලෙස පවතියත් මේ වනවිට චීනයේ තත්ත්වය යහපත් වෙමින් පවතී.
ඉතාලියේ ආසාදිතයන් 15,000කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඉරානයෙන් ආසාදිතයන් 11,000කට වඩා වැඩි පිරසක් වාර්තා වී තිබේ.