කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් ප්‍රමාණය ගෝලීයව 125,000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ලෙව පුරා 4,613ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
චීනයෙන් පිටත වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 45,000කට ආසන්න වන අතර, මරණ 1,440ක් වී තිබේ.
එමෙන්ම ඉරානයේ වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති අතර, යුරෝපයේ වෛරසයෙන් දරුණු බලපෑමකට ලක්වූ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් ලෙස දැනටමත් තහවුරු කර ඇති වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමත්, නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමත් වෛරසය පාලනයට හේතුවක් බව විශේෂඥ මතය වී තිබේ.
මන්දයත් මේ වනවිටත් වෛරසය ආසාදනය වූවන්ගෙන් චීනයේ පමණක් 63,000කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බැවිනි.