කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (25දා) දිනය අවසන් වනවිට 2,700 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
චීන සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන් අනුව කොරෝනා මරණ සංඛ්‍යාව 2,763ක් වන අතර, මින් 48 දෙනෙකු චීනයෙන් පිටත දී වාර්තා වෙයි.
එමෙන්ම මේ වනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවමින්, 80,908ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මින් 2,718 දෙනෙකු චීනයෙන් පිටත වාර්තා වෙයි.
මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස ඊයේ දිනය අවසන් වනවිට 29,775ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද චීන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.