කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2,858 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 2,788ක් චීනයෙන් වාර්තා වෙයි.
තවත් මරණ 70ක් විදෙස් රාජ්‍යයන්ගෙන් වාර්තා වන අතර, චීනය හැරුණු විට වැඩිම මරණ සිදුවූ රාජ්‍ය ඉරානය වන අතර, එරටින් මේ වනවිට මරණ 26ක් වාර්තා වෙයි.
එමෙන්ම, ඉතාලියෙන් මරණ 17ක් සහ දකුණු කොරියාවෙන් මරණ 13ක් වාර්තා වෙයි.
මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 83,400ක් පමණ වාර්තා වන අතර, මින් 4,400කට වැඩි පිරිස චීනයෙන් පිටත වාර්තා වෙයි.
කෙසේ වෙතත් චීනය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 36,157ක් දක්වා ඉහළ ගොස් ඇති බව චීන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.