නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) දිනය අවසන් වනවිට 2,800 ඉක්මවා තිබේ.
මියගිය පුද්ගලයන්ගෙන් 54 දෙනෙකු චීනයෙන් පිටත විදෙස් රටවලින් වාර්තා වූ අතර, මේ වනවිට වෛරසය රටවල් 40කට පැතිර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එමෙන්ම ඊයේ දිනය අවසන් වනවිට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 81,274ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, ඉන් 3,078 දෙනෙකු චීනයෙන් පිටත රටවල වාර්තා විය.
චීනයේ මේ දක්වා වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 30,000 ඉක්මවා යන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.