කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය ඊයේ දිනය අවසන් වනවිට 2,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ අතරින් මරණ 36ක් විදේශයන්ගෙන් වාර්තා වන අතර, ඉතිරි සියලුම මරණ චීනයේ හුබෙයි පළාත කේන්ද්‍ර කරගනිමින් වාර්තා වෙයි.
මේ අතර, ඊයේ දිනය අවසන් වනවිට වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස චීනයේ පමණක් 24,854ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
මේ වනවිට සමස්ත නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 79,540ක් ලෙස වාර්තා වන අතර, ඒ අතර විදේශයන්ගෙන් වාර්තා වන රෝගීන් 2,271 දෙනෙකුද වෙයි.